විදුහල්පති පණිවිඩය
ර/බළ/අටවක්වල ශ්‍රී රතනපාල විද්‍යාලය

සබරගමු පළාතේ බළන්ගොඩ පුරවරයේ පිහිටා ඇති ර/බළ/අටවක්වල ශ්‍රී රතනපාල විද්‍යාලය රමණිය වටපිටාවකින් හෙබි අප ප්‍රෙද්ශයේ ප්‍රියමනාප පාසලකි.
ඵලදායී මිනිසෙකු ලොවට දායාද කරලීමේ උදාර සංකල්පය පෙරටු කර ගනිමින් සිසුන්ගේ අවශ්‍යතා හදුනාගනිමින් සීමිත සම්පත් ප්‍රමාණයකින් උපරිම ඵල ප්‍රෙයෝජන අප විද්‍යාලයේ දූ පුතුනට නිබදව ලබා දීමට වග බලා ගනිමි.
සිසුන්ගේ ඉගෙනීම් ක්‍රියාවලිය මෙන්ම දැනුම තව තවත් අර්ථවත් කර ගැනීමටත්. ප්‍රධාන අරමුණ වන විභාග ජයග්‍රහනය උදෙසා අප නිරතුරුවම කැප වී සිටින්නේ රටට ජාතියට අත්‍යවශ්‍ය දරු පරපුරක් බිහි කිරීම උදෙසායි.
අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
විදුහල්පති,
ර/බළ/අටවක්වල ශ්‍රී රතනපාල විද්‍යාලය